ප්‍රංශ - ඉතාලි රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක්

පෙබ 08, 2019

    ප්‍රංශය හා ඉතාලිය අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී තිබේ.

    තම රටේ අභ්‍යන්තර කටයුතු වලට අතපෙවීම සම්බන්ධයෙන් ඉතාලි තානාපතිවරයා කැඳවා ප්‍රශ්න කිරීමට ද ප්‍රංශ බලධාරීන් පියවර ගෙන ඇත. ඉතාලි නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා කහ බැනියම් උද්ඝෝෂණකරුවන් ඉකුත් අඟහරුවාදා පැරිස් අගනුවර ආසන්නයේදී හමුවූ බවට වාර්තා පළ වී තිබේ.

    රටේ අභ්‍යන්තර දේශපාලනයට මැදිහත් නොවන ලෙස ප්‍රංශය අනතුරු අඟවා ඇත. මෙම ගැටුම් පසුගිය ජූනි මස සිට ආරම්භ විය. සංක්‍රමණික ගැටලු ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් දෙරට අතර එකිනෙකාට චෝදනා කර ගැනීම ඊට හේතුවයි.

    Last modified on සිකුරාදා, 08 පෙබරවාරි 2019 08:58

    Latest News