එන්නත් මිලියන 200ක හිඟයක්; WHO

ජූනි 05, 2021

    ප්‍රමාණවත් නිෂ්පාදනයක් නොමැති වීමෙන් එන්නත් මිලියන 200ක හිඟයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    එය පියවා ගැනීමට ධනවත් රටවල් සතු අතිරික්ත එන්නත් තොග දුප්පත් රටවලට කඩිනමින් ලබාදිය යුතු බව එම සංවිධානය පවසයි. ඉන්දියාවේ සීරම් ආයතනය ගෝලීය වශයෙන් එන්නත් නිෂ්පාදනය කරන ඉහළ පෙළේ ආයතනයක්. එහෙත්, එහි එන්නත් සැපයුම ද අඩාල වී තිබේ.

    කොවිඩ් වසංගතය ඉන්දියාව පුරා ශීඝ්‍රයෙන් පැතිරීම ඊට හේතුවයි. මෙය ගෝලීය එන්නත් සැපයුම ප්‍රමාද වීමට ද හේතුවක්.

    Latest News