ට්‍රම්ප්ගේ මුහුණු පොත තවත් වසර 2කට අත්හිටුවයි

ජූනි 05, 2021

    අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් සහ ඉන්ට්‍රග්‍රෑම් ගිණුම් තවත් වසර දෙකකට අත්හිටුවා තිබේ.

    අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ඇති වූ ජනතා උද්ඝෝෂණ සහ ඔවුන් ඊට කඩා වැඳුණු අවස්ථාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උද්වේගකර සමාජ ජාල ප්‍රකාශ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබිණ.

    ෆේස්බුක් ආයතනය ඔහුගේ ගිණුම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළේ, එය පදනම් කර ගනිමින්. ෆේස්බුක් අධීක්‍ෂණ මණ්ඩලය ඉකුත් මස පැවැත්වූ පරීක්‍ෂණවලින් ට්‍රම්ප් සිදුකර ඇති සමාජ මාධ්‍ය ප්‍රකාශ තම ආයතනයේ නීතිරීතිවලට පටහැනි බවට සඳහන් කර තිබිණි.

    ගිණුම් අත්හිටුවීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පවසන්නේ, එය ජනාධිපතිවරණයේ දී තමාට ඡන්දය දුන් මිලියන සංඛ්‍යාත ජනතාවට කළ අපහාසයක් ලෙස සලකන බවයි.

    Latest News