ජපානයෙන්, තායිවානයට කොවිඩ් එන්නත් මිලියන 1.24ක්

ජූනි 04, 2021

    ජපානය තම රටට කොවිඩ් මර්දන එන්නත් මිලියන 1.24ක් ලබාදීම සම්බන්ධයෙන් තායිවානය සිය ප්‍රශංසාව පළකරයි.

    එරට සෞඛ්‍ය හා සුබසාධනය පිළිබඳ අමාත්‍යවරයා කියා සිටින්නේ තායිවානය මේ මොහොතේ එන්නත්කරණය සම්බන්ධ දැඩි ගැටලු සහගත තත්වයකට පත්ව සිටින බැවින් අදාළ එන්නත් තොගය ලබාදීම පිළිබඳව ජපානයට සිය කෘතඥතාව පළ කරන බවයි.

    තායිවානයේ කොරෝනා වසංගත ව්‍යාප්තිය මේ දිනවල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. පවතින තත්වය හමුවේ රෝග පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සහ ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බව වාර්තාවේ.

    රටේ ජනගහනයෙන් 3%කට පමණ කොරෝනා මර්දන එන්නත් ලබාදී තිබේ. තායිවාන සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ සමස්ත ජනගහනය ආවරණය වීමට ප්‍රමාණවත් තරම් ෆයිසර් එන්නත් හා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 300කට අධික ප්‍රමාණයක් ලබාගැනීමට රජය ක්‍රියා කරන බවයි.

    Latest News