ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීමෙන් 4ක් මරුට...15කට තුවාල

මැයි 30, 2021

    ඇෆ්ගනිස්තානයේ බස් රථයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් සිව් දෙනෙකු මියගොස් තවත් 15ක් තුවාල ලබා තිබේ.

    කාබුල් නුවර සිට කිලෝ මීටර 70 දුරින් පිහිටි අල්-බ්රදනී විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් හා ශිෂ්‍යයින් පිරිසක් රැගත් බස් රථය ප්‍රහාරයට ලක්ව ඇත්තේ, පර්වාන් අගනුවර චරිකාර් ප්‍රදේශයේදී.

    තුවාල කරුවන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බව, ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අංශ පවසයි. මෙවැනි ප්‍රහාර සම්බන්ධයෙන් රජය තලේබාන්වරුන් පිළිබඳ සැක පළ කළ ද මෙම සිදුවීම ගැන මෙතෙක් කිසිදු කණ්ඩායමක් වගකීම බාරගෙන නොමැත.

    Latest News