එන්නත් දුන්නද අමෙරිකාවේ දිනකට ආසාදිතයින් 24,000ක්

මැයි 28, 2021

    අමෙරිකාවේ කොරෝනා ආසාදිත පිරිස තුන්කෝටි 39 ලක්ෂ 99,000 ඉක්මවා තිබේ.

    එය එක් රටකින් වාර්තාවන වැඩිම කොරෝනා ආසාදිත පිරිසයි. එන්නත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුවද අමෙරිකාවේ දිනකට 24,000කට ආසන්න නව ආසාදිතයන් පිරිසක් වාර්තා වෙයි.

    වෛරසය ආසාදනයෙන් අමෙරිකාවේ මියගිය පිරිස හය ලක්ෂය ඉක්මවා තිබේ. මේ වන විටත් දිනකට 600කට වැඩි පිරිසක් මරණයට පත් වෙයි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ දෙකෝටි 77 ලක්ෂයකට වැඩි පිරිසක් සම්පූර්ණ සුවය ලබා සිටින බවයි.

    56 ලක්ෂ 90,000වැඩි පිරිසක් මේ වන විට ප්‍රතිකාර ලබයි. රට තුළ තවමත් එන්නත් ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතර දෛනික ආසාදිතයන් තවදුරටත් අඩු කිරීමට සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වෙයි.

    Last modified on සිකුරාදා, 28 මැයි 2021 11:18

    Latest News