ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට දෙලක්‍ෂ 50,000 ඉක්මවයි

මැයි 12, 2021

    ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට දෙලක්‍ෂ 50,000 ඉක්මවා ගොස් තිබේ.

    ඒ, ඊයේ වාර්තා වූ 4200කට අධික කොරෝනා මරණ සංඛ්‍යාවත් සමඟයි. ඉන්දියාවේ කොරෝනා තත්වය දිනෙන් දිනම බරපතලවන බව, එරට මාධ්‍ය වාර්තා කරයි. ඊයේ එරටින් ලක්‍ෂ 4කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය.

    මේ වනවිට එරට සෞඛ්‍ය අංශ ඉතා බරපතල ගැටලු රැසකට මුහුණ දෙමින් සිටී. ජනතාවගේ නොසැලකිලි බව සහ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදීම හේතුවෙන් දිනෙන් දිනම රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම ඊට හේතුවයි.

    එම පිරිසට නිසි ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය වන සෞඛ්‍ය සේවක මණ්ඩලයක් නොමැති වීමත් තවත් ප්‍රධාන ගැටලුවක්. එම නිසා බොහෝ අවස්ථාවල රෝගීන් පිළිබඳ නිසි සැලකිල්ලක් නොදක්වන බවට රෝගීන් චෝදනා එල්ල කරයි.

    Latest News