කොවිඩ්-19; එන්නත් නිෂ්පාදනය දෙගුණයකින් වැඩි කළ යුතුයි; එ.ජා. මහලේකම්

මැයි 13, 2021

    කොවිඩ්-19 එන්නත් නිෂ්පාදනය දෙගුණයකින් වැඩි කළ යුතු බව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.

    එමගින් සංවර්ධනය වන රටවල එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රමානුකූලව සාර්ථක කරගත හැකි බව ඔහු පෙන්වා දෙයි. රුසියාවේ මොස්කව් නුවර දී එරට විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් හමුවීමෙන් අනතුරුව පැවැත්වූ සාකච්ජා‍වකදී ගුටරෙස් මේ බව ප්‍රකාශ කළේය.

    කොවිඩ් වසංගතය ජයගැනීමට ගෝලීය වශයෙන් එන්නත් නිපදවීමේ ධාරිතාව දෙගුණ කිරීමට අමතරව එන්නත් වඩාත් සාධාරණව බෙදා හැරීමට පියවර ගත යුතු බව ඔහු පවසයි. එමෙන්ම යුරෝපා සංගමය එන්නත් අතිරික්තයක් වෙන්කරවා ගෙන තිබීම අසංතුලිත තත්වයක් බව ඉදිරියේදී ඊට විසඳුම් ලබාදිය යුතු බව ඔහු සඳහන් කළේය.

    Latest News