අඟහරු මතුපිට දී පළමුවරට ඔක්සිජන් ලබා ගනී

අප්‍රේ 23, 2021

    අඟහරු ග්‍රහයාගේ වායුගෝලයෙන් ප්‍රථමවරට ඔක්ෂිජන් හඳුනා ගැනීමට නාසා ආයතනය සමත්ව තිබෙනවා.

    රතු ග්‍රහයා මත පර්යේෂණ පවත්වන පර්සිවියරන්ස් රෝවර් යානය විසින් පෘථිවියට මේ බව දැනුම් දී ඇත්තේ ඉකුත් බදාදා දිනයේයි.

    අඟහරු ග්‍රහයාගේ තුනී වායුගෝලයෙන් ඔක්සිජන් වෙන් කර ගැනීමට සමත් වීම සැලකිය යුතු ජයග්‍රහණයක් බවයි නාසා ආයතනය පවසන්නේ. ඉකුත් පෙබරවාර මස අඟහරු මතට ගොඩ බට පරීක්ෂණ රෝවරයේ සවි කළ මොක්සි නැමැති විශේෂිත උපකරණය මගින් මෙම ඔක්සිජන් වෙන්කර ගැනීමට හැකිවී තිබෙනවා. අඟහරු ග්‍රහයාගේ වායුගෝලය වැඩි වශයෙන් සමන්විත වන්නේ කාබන්ඩයොක්සයිඩ් වායුවයි.

    ටෝස්ටරයක් පමණ එම උපාංගය යොදාගෙන ඔක්සිජන් ග්‍රෑම් 5ක් පමණ නිපදවා ඇති. එය අභ්‍යවකාශගාමියෙකුට විනාඩි 5කට ප්‍රමාණවත් වේ.

    ඉදිරි අඟහරුතරඟයකදී එවැනි උපාංගයක් භාවිතයෙන් අභ්‍යවකාශගාමියාට අවශ්‍ය ඔක්සිජන්

    සපයාගත හැකිවෙතැයි නාසා ආයතනය අනුමාන කරයි.

    Last modified on සිකුරාදා, 23 අප්‍රේල් 2021 13:49

    Latest News