අමෙරිකාවෙන් ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් 65,057ක්.....

අප්‍රේ 22, 2021

    ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන, අමෙරිකා එක්සත් ජනපදයෙන් ඉකුත් පැය 24 තුළ දී නව ආසාදිතයන් 65,057ක් හඳුනා ගැණින.

    ඒ අනුව, එරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද වනවිට මිලියන 32.6 ඉක්මවා ගොස් තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව පන් ලක්‍ෂ 83න් දහස ඉක්මවා ගොස් තිබේ.

    මේ අතර, අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිව්වන මට්ටමේ සංචාරක නොකළ යුතු රටවල් 116ක් ඇතුළත් උපදේශන ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ. එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ඊශ්‍රායලය, මෙක්සිකෝව සහ ජර්මනිය ඇතුළු ඉතා ඉහළ කොවිඩ් ව්‍යාප්තියක් වාර්තා වන රටවල් ද ඊට ඇතුලත්.

    අමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව එරට බලධාරින් පවසයි.

    Latest News