අගහරු මතට ගිය රෝවරයේ දර්ශන නිකුත් කෙරේ

පෙබ 23, 2021

    අගහරු ග්‍රහයා මතට ගොඩබස්වනු ලැබූ පර්සිවේරන්ස් රෝවරය,රතු ග්‍රහයා මතට ගොඩබසින අවස්ථාවේ දර්ශන නාසා ආයතනය විසින් නිකුත් කර තිබේ.

    මෙහෙයුමේ වඩාත්ම තීරණාත්මක කොටස වන අවසන් මිනිත්තු 7 එම රෝවරයේ සහ ගොඩබසින යානයේ කැමරා මගින් වීඩියෝ කළ දර්ශන මෙලෙස නිකුත් කර තිබේ. අඟහරු ග්‍රහයාගේ ජෙසේරේ ආවාටය අසළට මෙම යානය ගොඩබට අතර සියලුම අවස්ථාවන් සැලසුම් කළ පරිදි ඉතා සාර්ථකව සිදු වූ බවයි,නාසා ආයතනය පවසන්නේ.

    නාසා ආයතනය පවසන්නේ,ලැබී ඇති වීඩියෝවලට අනූව මේ වන විට නාසා ආයතනය අති සාර්ථකව කටයුතු කරන බව තහවුරු වන බවයි.

    නාසා ආයතනය මෙවැනි අභ්‍යවකාශ මෙහෙයුමක් වීඩියෝගත කළ පළමු අවස්ථාව මෙයයි. ගොඩබසින විනාඩි කිහිපය තුළ ගිගාබයිට් 30ක පමණ වීඩියෝ සහ ඡායාරූප 23,000ක් ලබා ගැනීමට සමත්ව තිබේ.

    රෝවරය විසින ඡායාරූප කිහිපයක් සහ හඩපට කිහිපයක් පෘථිවිය වෙත එවා ඇති අතර අඟහරු ග්‍රහයාගේ සුළං ශබ්ද කිහිපයක් ද ග්‍රහණය කර ගැනීමට රෝවරය සමත් ව තිබේ.

    කෙසේ වෙතත්, ගොඩබසින අවස්ථාවේ දී එක් කැමරාවක් සහ ගොඩබසින අවස්ථාවේ හඩපට පටිගත කිරීමට තිබූ මයික්‍රෆෝනය ක්‍රියාත්මක වී නැත.

    මේ වන තෙක් පෘථිවියෙන් පිටත ක්‍රියාත්මක වීමට සැලසුම් කර ඇති පළමු කුඩා හෙළිකොප්ටර් යානය පිළිබඳ තවමත් තොරතුරු ලැබී නොමැත.

    Last modified on අඟහරුවාදා, 23 පෙබරවාරි 2021 10:51

    Latest News