වසරටක පසු යළි විවර වූ දේශසීමා

අප්‍රේ 19, 2021

    වසරකට ආසන්න කාලයකට පසු නවසීලන්තයේ හා ඔස්ට්‍රේලියාවේ වැසියන්ට දෙරට අතර සංචාරය කිරීමට අවස්ථාව උදාවී තිබේ.

    කොරෝනා වසංගතය හේතුවෙන් අද වන තුරු දෙරට අතර සංචාරය තාවකාලිකව වසා දමා තිබිණ.

    දෙරට අතර පසුගිය වසරේ මාර්තු මාසයේ දී දේශසීමා වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ. කොරෝනා වෛරසය පැතිරයාම වේගවත් වී තිබූ බැවින් සිය රටවල් තුළට නැවත පැමිණෙන පදිංචිකරුවන් සඳහා නිරෝධායන කාලසීමාවක් ද සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා තිබිණ.

    දීර්ඝ කාලයක් බලා සිටි නව ගමන්වාර අවසරය තුළ නිරෝධායනය වීමේ අවශ්‍යතාවයක් ද නොමැති බව බලධාරීන් ප්‍රකාශ කර සිටියි. නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව යන රටවල් දෙක තුළ කොරෝනා අවදානමක් පැවතියත්, මේ වන විට යම් පාලනයක පවතින බව, සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.

    ගුවන් ගමන් පිළිබඳ නව සීමා ළිහිල් කිරීම හේතුවෙන් දෙරට අතර මගීන් ගුවන්තොටුපොළවල් තුළ පිරී ඉතිරී ගොස් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on සදුදා, 19 අප්‍රේල් 2021 10:03

    Latest News