ඊජිප්තු දුම්රිය අනතුර තවමත් අභිරහසක්

අප්‍රේ 19, 2021

    එකළොස් දෙනෙක් මරණයට පත් කරමින් පසුගිය ඉරිදා දින සිදු වු ඊජිප්තු දුම්රිය අනතුරට හේතුව තවමත් හෙළිවී නොමැති බව වාර්තා වෙයි.

    අනතුරෙන් 98 දෙනෙක්ට වැඩි පිරිසක් බරපතල තුවාල ලබා සිටින බව සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙයි.

    මාසයකට පමණ කාලසීමාවක් තුළ ඊජිප්තුවේ සිදුවූ හතර වැනි දුම්රිය අනතුර ලෙස මෙම නව අනතුර වාර්තා වෙයි. ඊජිප්තුවේ ක්ලියුබියා පළාතේ කයුරොහී මෙම අනතුර සිදුව තිබිණ.

    දුම්රිය මැදිරි 4ක් පීලි පැනීම හේතුවෙන් අනතුර සිදුවූ බව බලධාරීන් ප්‍රකාශ කර සිටියි.

    නමුත්, මේ වන තෙක් අනතුරට හේතුව කුමක් ද යන්න සොයා ගැනීමට දුම්රිය බලධාරීන් අපොහොසත් වීම පිළිබඳ ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක් වූ කරුණක් වී තිබේ.

    අනතුර හේතුවෙන් ඊජිප්තුව තුළ දුම්රිය පීලි පැනීම සාමාන්‍ය කරුණක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on සදුදා, 19 අප්‍රේල් 2021 10:43

    Latest News