අමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 32 ඉක්මවයි

අප්‍රේ 18, 2021

    ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වන අමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 32 ඉක්මවා තිබේ.

    එරට, ගෝලීය කොවිඩ් වසංගතයේ වඩාත් දරුණුම අවස්ථාවටයි මුහුණ පා සිටින්නේ. අමෙරිකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව පන් ලක්‍ෂ 80,000 ඉක්මවා තිබේ. ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් 63,625 දෙනෙකු එරටින් හඳුනා ගැණින.

    එම කාලයේදී වාර්තා වූ නව මරණ සංඛ්‍යාව 738ක්. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කොරෝනා එන්නත් කඩිනමින් ලබා ගන්නා ලෙසයි සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මුව ආවරණ පැළඳ සිටීම සහ සමාජ දුරස්ථභාවය අනුගමනය කරන ලෙස ද ඔවුන් ජනතාවට දැනුම් දෙයි.

    Latest News