පිලිප් කුමරු නික්ම යයි 

අප්‍රේ 18, 2021

    කුමරුගේ දේහය ඊයේ පැවති රාජකීය අවමංගල්‍ය උත්සවයෙන් පසු ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ විශේෂ ස්ථානයක තැන්පත් කෙරිණ.

    නිත්‍ය වශයෙන් මිහිදන් කරනුයේ මහ රැජිණගේ අභාවයෙන් පසුවයි. පිලිප් කුමරුගේ ආදාහන උත්සවය සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව ඊයේ සිදුවිය. දේහය තැන්පත් කර තිබූ මාළිගාවේ සිට අවමංගල්‍ය පෙරහැර ශාන්ත ජේර්ජ් දේවස්ථානයට රැගෙන එනු ලැබුවේ, හමුදා උත්තමාචාරයෙන් අනතුරුවයි.

    රජ පවුලේසමීපතම සාමාජිකයන් පමණක් අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම විශේෂත්වයක්. දෙවන එළිසබෙත් මහ රැජින සිය සැමියාගේ අවමංගල්‍යයට සහභාගි වූයේ සෙසු අමුත්තන්ගෙන් වෙන්ව පිහිටි ස්ථානයක සිටයි.

    කළු ඇඳුමින් සැරසී සිටි මහ රැජිණ, සැමියාට අවසන් ගෞරව දැකුවූයේ දැනට පවතින සෞඛ්‍ය රෙගුලාසිවලට අනුගත වෙමින්. කුමරුගේ ඉල්ලීම පරිදි සංවිධාන කොට තිබුණේ, දේශනවලින් තොර කෙටි එහෙත් ගාම්භීර උත්සවයක්.

    දේව මෙහෙයෙන් පසු දේහය රාජකීයන් සඳහා වන විශේෂ ස්ථානයක තැන්පත් කරනු ලැබීය. මහ රැජිණගේ අභාවයෙන් පසු එම දේහයන් දෙකම "ෆ්රොක්මෝ" වතුයායේ පිහිටි රාජකීය සුසාන භූමියේ තැන්පත් කිරීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 18 අප්‍රේල් 2021 17:42

    Latest News