ගෝලීය වසංගතයට මුහුණ දීමට ලෝක නායකයන් රැසක් සාකච්ජා.....

මාර් 30, 2021

    ඉදිරියේදී ඇතිවිය හැකි ගෝලීය වසංගත තත්වයන්ට මුහුණ දීම සඳහා රටවල් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් ලෝක නායකයන් රැසක් අද සාකච්ජා පැවැත්වූහ.

    බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙන් මැක්‍රොන්, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් ඇතුළු ලෝක නායකයන් 20 ක් මීට එක්වූහ. ඉදිරියේදී ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් ඇතිවිය හැකි බවත්, සියලු දෙනා ආරක්‍ෂා වන තෙක්, ආරක්‍ෂාකාරී පරිසරයක් ඇති බවට තහවුරු කළ නොහැකි බවත්, ඔවුන් පවසයි.

    එබැවින් දෙවැනි ලෝක යුද්ධයට සමගාමීව ඇතිකරගත් සහයෝගීතාව මේ සම්බන්ධයෙන් ද ඇතිකර ගතයුතු බව ඔවුන් අවධාරණය කරයි. මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්‍රෝස් ගේබ්‍රියේෂස් පවසන්නේ, මෙවැනි සෞඛ්‍ය අර්බුදයකින් ආරක්‍ෂාවීමට නම් සියලු දෙනා එක්විය යුතු බවයි.

    Latest News