ජපානයේ භූ කම්පනයෙන් අනතුරුව, සුනාමි රළ නැ. දිග වෙරළ තීරයේ

මාර් 21, 2021

    ජපානයේ ඊයේ හට ගැනුණු භූ කම්පනයෙන් අනතුරුව, මීටරයක් පමණ උසින් යුතු සුනාමි රළ නැගෙනහිර දිග වෙරළ තීරයේ පිහිටි "මියාගි" ගොඩබිමට කඩා වැදුණු බව, එන්.එච්.කේ. නාලිකාව පවසයි. එහෙත්, ඉන් සිදුවූ කිසිදු ජිවිත හානියක් මෙතෙක් වාර්තා වී නොමැත.

    වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. භූකම්පනය රික්ටර් මාපකයේ සටහන් වූයේ 7.2ක් ලෙසයි. එහි අපිකේන්ද්‍රය පිහිටියේ "මියාගි" ප්‍රාන්තයේ සමුද්‍රීය තීරයේ කිලෝ මීටර 60ක් පමණ ගැඹුරින්.

    කෙසේ වෙතත්, භූ කම්පනය නිසා සුනාමි අනතුරු ඇඟවීම නිකුත් කිරීමත් සමඟ ඒ ආශ්‍රිතව ජීවත් වූ 7,000කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරින් කඩිනම් පියවර ගෙන තිබේ.

    කෙසේ වෙතත් "මියාගි" ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට දැනටමත් විදුලිබලය මුළුමනින්ම ඇණහිට ඇති බව වාර්තාවේ.

    Latest News