නයිජීරියානු ආර්ථික විද්‍යාඥ Ngozi Okonjo - Iweala ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්ධූරයට

පෙබ 16, 2021

    නයිජීරියානු ආර්ථික විද්‍යාඥ Ngozi Okonjo - Iweala මහත්මිය ලෝක වෙළඳ සංවිධානයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පත් වෙයි.

    ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් පළමු කාන්තාව වන Ngozi Okonjo-Iweala මහත්මිය අප්‍රිකානු මහාද්වීපයෙන් පත්වූ පළමු අධ්‍යක්ෂ ජනරාල්වරියයි.

    ඇගේ ධූර කාලය ලබන මාර්තු 1 සිට 2025 අගෝස්තු 31 දක්වා පවතී.

    නව ධූරයට පත්වීම පිළිබඳව, විවිධ ක්‍ෂේත්‍රවල නයිජීරියානු ජනතාව ඇයට සුබ පැතුම් පිරිනමමින් සිටිති.

    එය නයිජීරියාවට ප්‍රීතිය හා ගෞරවය ගෙන දීමක් බව නයිජීරියානු ජනාධිපතිවරයා කියා සිටියේය.

    සාධාරණ වෙළඳාම මගින් ගෝලීය සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා Ngozi Okonjo - Iweala මහත්මිය කැප වනු ඇතැයි නයිජීරියානු සෙනෙට් සභාවේ සභාපතිවරයා අපේක්ෂා පළ කළේය.

    Latest News