දස කෝටි 96 ලක්ෂය ඉක්මවූ ගෝලීය ආසාදිතයින්

පෙබ 16, 2021

    ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට දස කෝටි අනූ හය ලක්ෂය ඉක්මවා තිබේ.

    සිදු වූ මරණ සංඛ්‍යාව විසි හතර ලක්ෂ 18,000කට අධිකයි. සුවය ලැබූ පිරිස මේ වන විට 8 කෝටි හතළිස් තුන් ලක්ෂය ඉක්මවයි.

    කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ රටවල් 5ක් මේ වන විට වාර්තා වී තිබේ. ඒ අමෙරිකාව,බ්‍රසීලය,මෙක්සිකෝව,ඉන්දියාව හා බ්‍රිතාන්‍යයයි.

    මරණ 50,000 ඉක්ම වූ රටවල් සංඛ්‍යාව 13ක්. කොරෝනා මරණ 10,000 ඉක්ම වූ රටවල් ගණන 34ක් ලෙසයි වාර්තා පෙන්වා දෙන්නේ.

    Last modified on අඟහරුවාදා, 16 පෙබරවාරි 2021 12:29

    Latest News