ගෝලීය කොවිඩ් ආසාදිතයින් දසකෝටි 20 ලක්ෂය ඉක්මවයි

ජන 29, 2021

    ගෝලීය කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට දසකෝටි විසි ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. මරණ සංඛ්‍යාව අද ලක්ෂ 22 සීමාව ඉක්මවා ගියේය.

    කොරෝනා වෛරස ආසාදනයෙන් සුවය ලැබූ සංඛ්‍යාව හත් කෝටි තිස් අට ලක්ෂය ඉක්මවා ගොස් ඇත. ලොව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1/4ක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්. එම සංඛ්‍යාව දෙකෝටි හැටතුන් ලක්ෂයක්.

    අමෙරිකාවේ මරණ සංඛ්‍යාව හාර ලක්ෂ හතළිස් තුන් දහසකට අධිකයි. දෙවනුවට ආසාදිතයින් වාර්තාවන ඉන්දියාවෙන් එම සංඛ්‍යාව ලෙස වාර්තා වන්නේ, එක්කෝටි හත් ලක්ෂ විසි දහසක්. ඉන්දියාවේ මරණ සංඛ්‍යාව එක් ලක්ෂ පනස් හතර දහසකට අධිකයි.

    තෙවනුවට වැඩිම ආසාදිතයින් වාර්තාවන බ්‍රසීලයේ එම සංඛ්‍යාව ඊයේ ලක්ෂ අනූවේ සීමාව ඉක්මවා ගියේය. බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව දෙලක්ෂ විසි එක් දහසකට අධිකයි.

    Last modified on සිකුරාදා, 29 ජනවාරි 2021 09:50

    Latest News