ජෝ බයිඩන්ගේ දිවුරුම්දීම ගැන FBI අනතුරු අඟවයි

ජන 12, 2021

    පසුගියදා අමෙරිකාවේ සිදුවු ආකාරයේ කලහකාරී සිදුවීමක් නව ජනාධිපති ‍ජෝ බයිඩන් දිවුරුම් දෙන දිනයේ සිදුවිය හැකි බවට එෆ්බීඅයි ආයතනය අනතුරු අඟවයි.

    ජෝ බයිඩන් දිවුරුම් දෙන ලබන 20 වැනිදා අමෙරිකාවේ ප්‍රාන්ත පනහේම අගනුවර කේන්ද්‍ර කර ගනිමින් සහ වොෂින්ටන් අගනුවර දී විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට සූදානම් කර ඇති බවයි, වාර්තා වන්නේ.

    පසුගිය 6 වැනිදා අමෙරිකාවේ කැපිටල්හිල් ගොඩනැගිල්ල ආශ්‍රිතව සිදු කෙරුණු විරෝධතා ව්‍යාපාර ‍හේතුවෙන් සිව් දෙනෙක් මිය ගියේය.

    මෙය අමෙරිකානු ඉතිහාසයේ සිදුවු අපකීර්තිමත්ම දිනයක් ලෙසයි, විශ්ලේෂකයින් පවසන්නේ. කෙසේ වෙතත් තේරීපත්වූ නව ජනාධිපති ජෝ බයිඩන් සදහක් ‍කළේ, තමා එළිමහනේ දිවුරුම් දීම සිදු කිරීමට බිය නොවන බවයි.

    පසුගියදා සිදුවු ආකාරයේ ආරක්ෂක බිඳවැටීමක් ඉදිරියේ දී සිදු නොවන බවට ආරක්ෂක අංශ තහවුරු කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 12 ජනවාරි 2021 10:33

    Latest News