කො‍‍රෝනා නව ප්‍රභේදය නිසා බ්‍රිතාන්‍යයේ මරණ ඉහළට

ජන 11, 2021

    බ්‍රිතාන්‍ය තුළ වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ මරණ 88 දහස ඉක්මවා ගොස් තිබේ. පසුගිය පැය 48 තුළ පමණක් වෛරසය හේතුවෙන් පුද්ගලයින් 1,598 දෙනෙක් මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    නව වෛරස ප්‍රභේදය හේතුවෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයන් ඉහළ යාමත් සමග වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන් සංඛ්‍යාව ද ඉහළ යාමක් වාර්තා වී තිබේ.

    දෛනිකව 50,000කට වැඩි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන බ්‍රිතාන්‍ය තුළ 500කට වැඩි අගයකින් යුත් පුද්ගලයන් සංඛ්‍යාවක් දෛනිකව මරණයට පත්ව තිබෙන බව වාර්තා වෙයි.

    අද වන විට බ්‍රිතාන්‍ය තුළ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව තිස් ලක්ෂ 72,000 ඉක්මවා තිබේ. නමුත් තවමත් ලොව වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් වාර්තා වන්නේ අමෙරිකාවෙන්. එරට පුද්ගලයන් දෙකෝටි විසි නව ලක්ෂ 17,000කට වැඩි පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට පත්ව තිබේ.

    පුද්ගලයන් තුන් ලක්ෂ 83,000කට වැඩි පිරිසක් වෛරසය හේතුවෙන් මරණයට පත්ව ඇති අමෙරිකාව තුළ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,000කට වැඩි අගයකින් වාර්තා වන බව සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙයි.

    Last modified on සදුදා, 11 ජනවාරි 2021 11:48

    Latest News