න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට කාලය එළඹ ඇති බව උතුරු කොරියානු නායකයා පවසයි

ජන 12, 2021

    වඩා බලවත් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය ආරම්භ කිරීමට කාලය එළඹ ඇති බව උතුරු කොරියා නායකයා සදහන් කරනවා.

    කෙසේ වුවද න්‍යෂ්ටික අවි කිසිදු විටෙක අවභාවිත නොකරන බවයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් නිවේදනය කරන්නේ.

    මේ අතර, උතුරු කොරියා නායක කිම් ජොන් උන් කම්කරු පක්‍ෂයේ ප්‍රධාන ලේකම් තනතුර භාරගෙන තිබෙනවා.

    කිම් ජොන් උන්ගේ පියා හා සීයා ද මෙම තනතුර හොබවා තිබෙනවා.

    නව තනතුර සමග කිම් ජොන් උන්ගේ බලය තවත් වර්ධනය වනු ඇති බවයි, දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ.

    කම්කරු පක්‍ෂයේ විශේෂ සමුළුවකදී කිම් ජොන් උන්ගේ නම නව ප්‍රධාන ලේකම්වරයා ලෙස ඊයේ සම්මත කරගෙන තිබෙනවා.

    කිම් ජොන් උන් මේ වනවිට 37 හැවිරිදි වියේ පසුවනවා. ඔහු උතුරු කොරියාවේ බලයට පත්වූයේ 2011 වසරේදීයි.

    ඒ පියාගේ හදිසි මරණයත් සමගයි.

     

    Latest News