චීනයේ හිටපු මහ බැංකු අධිපතිට මරණ දඬුවම

ජන 07, 2021

    චීන මහ බැංකුවේ හිටපු ප‍්‍රධානී ලැයි ශි ඕමින්ට එරට අධිකරණයක් මගින් මරණ දඩුවම නියම කර තිබෙනවා.

    ඒ, 2008 සිට 2018 දක්වා කාලය තුළ රාජ්‍ය මුදල් ඩොලර් මිලියන 277 ක මුදලක් වංචා කළ බවට වරදකරුවීම හේතුවෙන්.

    ඔහුගේ අතිශය නීතිවිරෝධී කි‍්‍රයාකලාපය හේතුවෙන් චීනයේ ජාතික මූල්‍ය ආරක්ෂාව අවදානමට ලක්ව ඇති හෙයින් මරණ දඩුවම නියම කළ බවයි ටියැංජින්හි ද්විතියික අතරමැදි මහජන අධිකරණය ප‍්‍රකාශ කර ඇත්තේ.

    58 හැවිරිදි ලැයි ශි ඕමින් අල්ලස් හා මූල්‍යමය වංචා කිහිපයකටම වරදකරු බවට කරුණු අනාවරණ වී තිබෙනවා.

     

    Latest News