අමෙරිකාවේ කැපිටල් හිල් ගොඩනැගිල්ලට ප්‍රහාරයක් - 4 ක් ජීවිතක්ෂයට

ජන 07, 2021

    අමෙරිකාවේ සෙනෙට් සභාව පිහිටි කැපිටල් හිල් ගොඩනැගිල්ලට පහර දීමේදී සිද්ධියෙන් පුද්ගලයින් 4ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පුද්ගලයින් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    ඉන් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමට අදාළවයි.

    විරෝධතාකරුවන්ගේ ප්‍රහාර හමුවේ පොලිස් නිලධාරීන් 14 දෙනෙකු ද තුවාල ලබා ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    අමෙරිකානු මීළග ජනාධිපතිවරයා ලෙසින් ජෝ බයිඩ්න් ලබන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතය.

    එම උත්සවය පැවැත්වෙන්නේද කැපිටල් ගොඩනැගිල්ලේවීම විශේෂත්වයකි.

    මැතිවරණ පරාජය පිළිගෙන සාමාකාමීව බලය හුවමාරු කිරීමට ජනාධිපති ට්‍රම්ප් අකමැත්ත පළකිරීම හමුවේ රටපුරා මෙසේ දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැගී ඇත.

    ඔහු අවධාරණය කරන්නේ සිය පරාජය පසුපසු මහා පරිමාණ මැතිවරණ වංචාවක් සිදුවී ඇති බවය.

    ඊට එරෙහිව පෙළගැසෙන ලෙස ඔහු සිය ආධාකරුවන්ගෙන් ඉල්ලීමක්ද කර ඇත.

    Latest News