ටෝකියෝ ඇතුළු ප්‍රාන්ත තුනකට හදිසි තත්ත්වයක්

ජන 07, 2021

    කොරෝනා වයිරස ආසාදන පැතිරීම වැළැක්වීම සඳහා ජපානයේ අගනුවර වන ටෝකියෝ සහ අසල්වැසි ප්‍රාන්ත තුනක මාසයක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

    ජපානයේ දෛනික ආසාදන 7,000කට වඩා වැඩි වීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවූ බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.

    රටේ ජනගහනයෙන් 30%ක් ආවරණය වන පරිදි ටෝකියෝ, කනගාවා, සයිටාමා සහ චිබා ප්‍රාන්ත වල මෙලෙස හදිසි අවස්ථාව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එය ජනවාරි 08වනදා සිට බලාත්මක වෙයි.

    Latest News