නව කොරොනා එන්නත් නිෂ්පාදනය හා සැපයීම සහතික කරන බව චීනය පවසයි

ජන 06, 2021

    නිෂ්පාදන හැකියාව ශක්තිමත් කර නව කොරොනා එන්නත් නිෂ්පාදනය හා සැපයීම සහතික කරන බව චීනය පවසයි.

    චීන කර්මාන්ත හා තොරතුරු අමාත්‍යංශය ඊයේ (5) මේ බව ප්‍රකාශ කළේය.

    කර්මාන්ත දාමයේ විද්‍යාත්මක සම්බන්ධතාව තහවුරු කරමින් අදාළ ව්‍යවසායන් එන්නත් කර්මාන්තකරණ ක්‍රියාදාමය කඩිනම් කර නිෂ්පාදන හැකියාව ඉක්මනින් ව්‍යාප්ත කර එන්නත් නිෂ්පාදනය හා සැපයීම සහතික කරන බව එම අමාත්‍යංශය කියා සිටී.

    එම අමාත්‍යංශය නිකුත් කරන ලද දත්තවලට අනුව, චීනයේ Sinopharm සමූහයට අයත් national vaccine serum ආයතනයේ බෙයිජිං සමාගම, වූහන් සමාගම හා බෙයිජිං Sinovac life science සමාගම ඇතුළු එන්නත් නිෂ්පාදන සමාගම් තුනක නිෂ්පාදන කටයුතු කඩිනම් කර ඇත.

    මේ සම්බන්ධයෙන්, චීනයේ Sinopharm සමූහයට අයත් national vaccine serum ආයතනයේ බෙයිජිං සමාගමේ නිලධාරින් පැවසුවේ නිෂ්පාදන හැකියාව ව්‍යාප්ත කිරීමේ සැලසුම ක්‍රියාත්මක කරමින් මේ වසරේ නව කොරොනා එන්නත් බිලියනයක් නිෂ්පාදනය කළ හැකි බවයි.

    දැනට චීනයේ ව්‍යවසායන් 18ක් නව කොරොනා එන්නත් නිෂ්පාදන කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බව චීන කර්මාන්ත හා තොරතුරු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

    එන්නත් නිෂ්පාදන හැකියාව ඉහළ නංවා අදාළ සමාගම්වල නිෂ්පාදන හැකියාව පූර්ණ කිරීමෙන්, එන්නත් නිෂ්පාදන හැකියාවට චීනයේ ඉල්ලුම් අවශ්‍යතාවය සපුරාලිය හැකි බව එහිදී ප්‍රකාශ කෙරිණ.

    Latest News