ඉදිරි කාලසීමාවේ ඉන්දියාව ඇතුළු රටවල් 5 ක් ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් නොවේ

ජන 06, 2021

    ඉන්දියාව ඇතුළු රටවල් 5ක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර නොවන සාමාජික රටවල් බවට පත් වේ.

    ජර්මනිය, ඩොමිනිකන් ජනරජය, දකුණු අප්‍රිකාව, බෙල්ජියම හා ඉන්දුනීසියාව වෙනුවට ඉන්දියාව, අයර්ලන්තය, කෙන්යාව, මෙක්සිකෝව හා නෝර්වේ යන රටවල් 5 පසුගිය පළමු වනදා සිට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර නොවන සාමාජික රටවල් බවට පත්ව ඇත.

    එමෙන්ම එස්ටෝනියාව, නයිජර්, සාන්ත වින්සනට් සහ ග්‍රෙනෑඩිනිස්, ටියුනීසියාව හා වියට්නාමය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර නොවන සෙසු සාමාජික රටවල් 5ක් බවට පත්ව ඇත.

    එම රටවල් පසුගිය(4) සිට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර නොවන සාමාජික රටවල වගකීම් භාර ගැනීම ආරම්භ විය.

    Latest News