නයජර්හි ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් 79ක් මරුට

ජන 03, 2021

    බටහිර අප්‍රිකාවේ රාජ්‍යයක් වන නයජර්හි ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් 79ක් මියගොස් තිබේ.

    තවත් 17ක් තුවාල ලැබූහ. එරට ආරක්‍ෂක අංශ විශ්වාස කරන්නේ, නයිජර්හි ඉස්ලාමීය අන්තවාදී සටන්කාමී කණ්ඩායමක් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි. මියගිය පිරිසෙන් 49ක් මියගොස් ඇත්තේ කොම්බැන්ගෝ නම් ග්‍රාමයට එල්ල වූ ප්‍රහාරයෙන්. අනෙක් 30 දෙනා මියගියේ සාරෝම්දාරියා නම් වන ග්‍රාමයට එල්ල වූ ප්‍රහාරයෙන් බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ ගම්මානය මාලි රාජ්‍ය දේශසීමාවේ පිහිටා තිබේ.

    මේ අතර මාලි රාජ්‍යයේ සිදුවූ ප්‍රහාරයකින් සිය සොල්දාදුවන් දෙදෙනෙකු මියගිය බව ප්‍රංශය පවසයි. එය සනාථ කරමින් මීට පැය කිහිපයකට පෙර අල්කයිඩා සංවිධානය ප්‍රකාශ කළේ මාලි රාජ්‍යයට එල්ල වූ එම ප්‍රහාරයෙන් ප්‍රංශ හමුදාවට අයත් සොල්දාදුවන් තිදෙනෙකු මියගිය බවයි.

    Latest News