බ්‍රිතාන්‍යයේ දිනක් තුල වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ

ජන 03, 2021

    කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා බ්‍රිතාන්‍යයේ දිනක් තුල වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ දිනය ලෙස ඊයේ සටහන් වී තිබේ.

    ඒ අනුව ඉකුත් පැය 24 තුළ වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 57,725ක්. අඛණ්ඩව ලොව වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාවන අමෙරිකාවෙන් ඊයේත් නව ආසාදිතයින් දෙලක්ෂ තිස් දෙදහසක් හඳුනා ගැණින.

    මේ වනවිට ගෝලීය වශයෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අට කෝටි පනස් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ලොව පුරා මේ දක්වා සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 18 ලක්ෂ 45,000ක්. කෝටි 06කට අධික පිරිසක් පූර්ණ සුවය ලබා තිබේ.

    ඉකුත් පැය 24 තුළ දෙලක්‍ෂය ඉක්මවූ නව ආසාදිතයින් පිරිසක් අමෙරිකාවෙන් හඳුනා ගැනීමත් සමඟ එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව දෙකෝටි නව ලක්‍ෂයක් දක්වා ඉහළ ගියේය. එරට සමස්ත මරණ සංඛ්‍යාව තුන් ලක්‍ෂ 58,000 ඉක්මවා ගියේ, ඉකුත් පැය 24 තුළ එරටින් වාර්තා වූ මරණ 2107ත් සමඟයි. දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළයාම නිසා අමෙරිකානුවන්ට කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ලබා ගැනීමට ඉතා දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති බව වාර්තාවේ.

    බ්‍රිතාන්‍යයෙන් වාර්තාවන නව කොරෝනා වෛරස ප්‍රභේදය ඊයේ වියට්නාමයෙන් ද හඳුනාගෙන තිබේ. බ්‍රිතාන්‍ය තුළ ද මේ වනවිට එම වෛරස ප්‍රභේදය දැඩි ලෙස ව්‍යාප්ත වන බව එරට මාධ්‍ය සඳහන් කරයි. වෛරස් ව්‍යාප්තියේ වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ, ලන්ඩන් අගනුවරයි.

    Last modified on ඉරිදා, 03 ජනවාරි 2021 19:59

    Latest News