ෆයිසර් එන්නත ගෝලීය වශයෙන් බෙදා හැරීමට WHO අනුමැතිය

ජන 02, 2021

    කොරෝනා වයිරසය ගෝලීය වසංගතය පාලනය කිරීම සදහා ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත හදිසි භාවිතය සදහා අනුමත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කළා.

    කොරෝනා වයිරස් ගෝලීය වසංගතය පාලනය කිරීම සදහා ලෝකයට සාධාරණ ප්‍රවේශයක් ලබා දීමේ අරමුණින් ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත හදිසි භාවිතය සදහා අනුමත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා.

    එම එන්නත සංවර්ධනය වෙමින් පවත්නා රටවල් වෙතද ලබාදිය යුතු බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් අවධාරණය කරන්නේ.

    ෆයිසර් එන්නතේ මාත්‍රා දෙකක් ලබා දීමෙන් ප්‍රතිඵල අත්කර ගත හැකි ආකාරය පිළිබදව ලොව සියලු ජනතාව දැනුවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එක් වන බව එහි ප්‍රකාශකවරයා සදහන් කරනවා.

     

    Latest News