චිලී රාජ්‍යයේ භූමි කම්පාවක්

ජන 21, 2019

    චිලි රාජ්‍යයේ උතුරු ප්‍රදේශයෙන් රිච්ටර් මාපක 6.7ක භූමි කම්පනයක් වාර්තාවේ.

    ඉන් පුද්ගලයන් දෙදෙනෙක් ජිවිතක්‍ෂයට පත්වූහ. තොකියම්බෝ ප්‍රදේශයට කි.මී.16ක් නුදුරින් මෙම භූකම්පනය පසුගියදා ඇතිවී ඇතැයි අමෙරිකානු භූ විද්‍යා කාර්යාංශය ප්‍රකාශ කරයි. භූකම්පනය හටගෙන ඇත්තේ, පොළොව මට්ටමේ සිට කිලෝ මීටර 53ක් ගැඹුරිනි. කම්පන තත්වය හේතුවෙන් නිවාස දෙලක්‍ෂයකට විදුලිය ඇණහිටිණි.

    ඉන් සුනාමි අනතුරක් නොමැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම් අංශය සඳහන් කළේය. කෙසේ නමුත්, 2010 වර්ෂයේ භූ කම්පනය නිසා හටගත් සුනාමිය හේතුවෙන් විශාල ජිවිත හා දේපොළ හානියක් සිදුවිණ. මෙවැනි භූ කම්පනවලට නිරන්තරව මුහුණදීමට සිදුව ඇත්තේ, පැසිෆික් ගිනිවළල්ල ආශ්‍රිතව පිහිටා තිබීම හේතුවෙනි.

     

    Latest News