දැඩි ශීතලට - සියළු වැඩ නවතී

ජන 21, 2019

    දැඩි ශීත කාලගුණය හේතුවෙන් අමෙරිකාවේ ප්‍රදේශ රැසක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. ඊයේ දිනයේ දී ප්‍රදේශ රැසකට දැඩි හිමපතනයක් සිදුව ඇති බව වාර්තා වේ.

    අමෙරිකාවේ ප්‍රාන්ත 10කට දැඩි ශීත කාලගුණය හේතුවෙන් අවදානම් නිවේදන නිකුත් කෙරිණ. බොහෝ ප්‍රදේශවලට අඩියකට වඩා වැඩි හිම පතනයක් සිදුව තිබේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘන අගයක් ගෙන ඇත. ඇතැම් නගරවල එය සෘන 11 දක්වා පහළ  බැස ඇති බව, වාර්තා වේ.

    දැඩි හිම පතනය සහ ශීත කාලගුණය හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇත. එසේම, ඇතැම් ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරෙන්නේ පැය ගණනක ප්‍රමාදයකින් පසුවයි. දුම්රිය ගමන් වාර රැසක් ද අවලංගු කර ඇත.

     

    Last modified on සදුදා, 21 ජනවාරි 2019 08:57

    Latest News