මැද පෙරදිග රටවල් රැසක් කොරෝනා එන්නත් භාවිතා කිරීමට සූදානම්

දෙසැ 13, 2020

    ඇතැම් මැද පෙරදිග රටවල් කෝ වෛරසය පාලනය කිරීම සඳහා එන්නත් භාවිතා කිරීමට සූදානම් වෙයි.

    සෞදි අරාබියේ ආහාර හා ඖෂධ පරිපාලනය පසුගිය 10 වනදා ජර්මනියේ BioNTech සමාගම හා ඇමරිකාවේ Pfizer සමාගම ඒකාබද්ධව පර්යේෂණය කරන එන්නත ලියාපදිංචි කිරීම සම්මත කළේය.

    ඇමරිකාවේ Pfizer සමාගම නිෂ්පාදනය කරන ප්‍රථම එන්නත් කාණ්ඩයක් පසුගිය 9 වනදා ඊශ්‍රායලයට ළඟා විය.

    ලබන 27 වනදා ඊශ්‍රායලය එන්නත් කිරීම ආරම්භ කරනු ඇත.

    ඊශ්‍රායල සෞඛ්‍ය පද්ධතියට සෑම දිනකට එන්නත් 60 දහසක් සැපයීමට නියමිතයි.

    කුවේට් හා ඕමාන සෞඛ්‍ය අමාත්‍යංශ පසුගිය 10 වනදා වෙන් වෙන්ව ප්‍රකාශ කළේ, මේ වසර අගදී එන්නත් හඳුනාගැනීමෙන් පසුව වැඩිපුර පිරිසකට එන්නත් කිරීමේ සේවා සපයන බවයි.

    පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධානියා පසුගිය 10 වනදා පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රමුඛත්වය දරන එන්නත් සැලැස්ම ඔස්සේ නිදහස් එන්නත් සැපයීම් ලබා ගැනීමට පලස්තීනය බලාපොරොත්තු වන බවයි.

     

    Latest News