චීනයේ ගල් අඟුරු පතලක අනතුරක් - 18 ක් ජීවිතක්ෂයට

දෙසැ 07, 2020

    චීනයේ ගල් අඟුරු පතලක ඇතිවූ අනතුරකින් දහ අට දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

    ගල් අගුරු පතලේ කාබන් මොනොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

    චොංකිං නැමති ප්‍රදේශයේ ගල් අගුරු පතලකයි අනතුර සිදුව ඇත්තේ.

    කම්කරුවන් පස් දෙනෙකු තවමත් අතුරුදන් බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කළා.

    සහන කණ්ඩායම් සිරවී සිටින පුද්ගලයන් මුදා ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් අරඹා තිබෙනවා.

     

    Latest News