කුවේට් පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම අවසන්

දෙසැ 07, 2020

    කුවේට් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද විමසීම අවසන් වුණා.

    දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින තත්ත්වයක් හමුවේයි මෙවර කුවේට් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ.

    ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ගණන් කිරීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති බව මැතිවරණ නිරීක්ෂකයන් පවසනවා.

    පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයන් තුන්සියකට වැඩි පිරිසක් තරග වැදී සිටින අතර කාන්තාවන් විසි නව දෙනෙකු ද ඒ අතර සිටීම විශේෂත්වයක්.

    කුවේට් පාර්ලිමේන්තුව ආසන පනහකින් සමන්විතයි.

    කලාපයේ පැරණිතම පාර්ලිමේන්තුවක් වශයෙන් කුවේට් පාර්ලිමේන්තුව හැඳින්වෙනවා.

    Latest News