සරණාගත නෞකාවක් පෙරලී 117ක් මරුට

ජන 20, 2019

    මධ්‍යධරණී මුහුදේ සිදුවූ අනතුරු වලින් සංක්‍රමණිකයෝ 170ක් ජීවිතක්ෂයට පත්වෙති. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ඒජන්සිය පවසන්නේ, නෞකාවන් දෙකක් අනතුරට ලක්වී ඇති බවයි.

    මින් එක් නෞකාවක් ලිබියාවට ආසන්න මුහුදේ ගිලීගොස් ඇති අතර එහි පුද්ගලයින් 117 දෙනෙකු සිටි බව ඉතාලි නාවික හමුදාව පවසයි. තවත් නාවික යාත්‍රාවක් බටහිර මධ්‍යධරණී මුහුදේ දී අනතුරට ලක්වූ බව, මොරොක්කෝ සහ ස්පාඤ්ඤ බලධාරීහු පවසති. එක්සත් ජාතීන්ගේ සරණාගතයින්ගේ ඒජන්සිය මෙම නෞකාවල සිටි පිරිස් කුමන රටවල් වලට අයත් ද යන්න පිළිබඳ කිසිඳ තොරතුරක් ලබා දී නොමැත. අනතුරුවලින් එක් අයෙකු පමණක් දිවි ගලවා ගෙන ඇති අතර, ඔහු බේරාගෙන ඇත්තේ, පැය 24කට පසුවයි.

    ගිලීගිය නෞකා සෙවීමට ගත් උත්සාහය මෙතෙක් සාර්ථක වී නැත. පසුගිය වසරේ පමණක් මධ්‍යධරණී මුහුද තරණය කර යුරෝපයට පැමිණීමට උත්සාහ කිරීමේ දී සංක්‍රමණිකයෝ 2200ක් ජීවිතක්ෂයට පත්වූහ.

    Latest News