යුරෝපයෙන් තත්පර 17 කට වරක් කොවිඩ් මරණයක්

නොවැ 20, 2020

    ගතවන සෑම තත්පර 17කට වරක් යුරෝපයෙන් කොවිඩ් මරණයක් වාර්තාවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    යුරෝපයට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් තත්ත්වය තරමක් පාලනය වී ඇති බව එම සංවිධානය සඳහන් කරයි.

    එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරන්නේ ඉදිරි හය මාසය යුරෝපයට ඉතාමත් අසීරු කාලසීමාවක් වනු ඇති බවය.

    ගතවූ සතියේදී පමණක් යුරෝපයෙන් වාර්තා වී ඇති මරණ ගණන 30,000කට ආසන්නය.

    තත්ත්වය පාලනයට කලාපීය රටවල් රැසක් මේ වනවිටත් දැඩි සංචරණ සීමා හඳුන්වාදී ඇති අතර ඒ හේතුවෙන් වාර්තාවන ආසාදිතයින් සහ මරණ පහළ යමින් පවතින බව ද එම සංවිධානය පවසයි.

     

    Latest News