කොවිඩ් - 19 වෛරයෙන් සුවවන්නන්ගේ ප්‍රතිශක්තිය ඉහළට

නොවැ 20, 2020

    කොවිඩ් වයිරසය ආසාදිතවී සුවය ලැබූ පුද්ගලයන්ගේ ශරීර තුළ තවත් රෝගාබාධා ගණනාවකට මුහුණ දිය හැකි මට්ටමේ ශක්තිමත් මෙන්ම දීර්ඝ කාලීන ප්‍රතිශක්තියක් ගොඩනැගෙන බව නවතම පර්‌යේෂණයකින් අනාවරණය කර ඇත.

    එක්සත් ජනපදයේ ලා ජොල්ලා වසංගතවේද ආයතනයේ (La Jolla Institute for Immunology) පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම නව පර්‌යේෂණ වාර්තාව එළිදක්වා තිබේ.

    මෙම පර්‌යේෂණය සිදුකර ඇත්තේ කොවිඩ් - 19 වයිරසය ආසාදනයවී සුවය ලැබූ පුද්ගලයන්ගේ රුධිරය ඇසුරිනි.

    වසංගතයේ පළමු රැල්ලේදී වයිරසය ආසාදනයවී සුවය ලැබූ පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය ඉතාමත් ශක්තිමත් මට්ටමක පවතින බවත් ඔවුනට වයිරසය නැවත ආසාදනය වීම වළක්වා ගැනීමට මෙන්ම තවත් රෝගාබාධ වලට එරෙහිව ක්‍රියාත්මකවීමේ හැකියාව පවතින බවත් එමගින් තහවුරු කර තිබේ.

     

    Latest News