බොලිවුඩයේ සුපිරි නළු සල්මාන් ඛාන් ස්වයං නිරෝධායනයේ

නොවැ 20, 2020

    බොලිවුඩයේ සුපිරි නළු සල්මාන් ඛාන්ද ස්වයං හුදෙකලාවට ලක්ව සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

    ඔහු මෙන්ම ඔහුගේ පවුලේ අයද මේ ආකාරයෙන් ඔවුන්ගේ නිවස තුළ ස්වයං හුදෙකලාවට ලක්ව සිටින බව සඳහන් වේ.

    මෙවැනි පියවරක් ගැනීමට සිදුවී ඇත්තේ සල්මාන්ගේ පෞද්ගලික රියදුරාට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීම නිසාය.

    ඔවුන් මේ වනවිට රෝහල්ගත කර ඇති බව සඳහන් වේ.

    සල්මාන් සහ පවුලේ අය දින 14ක කාලයක් හුදෙකලාව ගත කරනු ඇත.

     

    Latest News