අමෙරිකාව නිෂ්පාදනය කළ කොරෝනා එන්නත නත්තලට පෙර

නොවැ 19, 2020

    අමෙරිකාවේ ෆයිසර් – බයෝ එන්ටෙක් කොරෝනා එන්නත බෙදා හැරීම නත්තලට පෙර සිදුකළ හැකි බව නිෂ්පාදන සමාගම නිවේදනය කළා.

    තම එන්නත සියයට අනූපහක ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බවයි, අවසන් අධ්‍යයන තුළින් හෙළිව තිබෙන්නේ.

    එමෙන්ම අමෙරිකාවේ මොඩර්නා සමාගමේ කොවිඩ් එන්නත සියයට අනූපහක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව එම සමාගම නිවේදනය කළා.

    ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයින්ට පවා සියයට අනූපහකට ආසන්න ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බවයි, නවතම අධ්‍යයන වලින් හෙළිව තිබෙන්නේ.

    Latest News