නව දිල්ලි අගනුවර කොරෝනා වසංගතයේ උච්චතම අවස්ථාවට

නොවැ 12, 2020

    ඉන්දියාවේ නව දිල්ලි අගනුවර කොරොනා වසංගතය උච්චතම තත්ත්වයට පත් වෙයි.

    නව දිල්ලිය 3වන කොරොනා රැල්ලට හසුවී මෙතෙක් බරපතලම වසංගත තත්ත්වයට පත්ව ඇතැයි, ඉන්දීය සෞඛ්‍ය නිළධාරීන් පවසා ඇත.

    මෑතදී නව දිල්ලියේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී.

    පසුගිය 6වන දින එම සංඛ්‍යාව 7000 ඉක්මවූ බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ සංඛ්‍යා ලේඛන වලින් හෙළිව ඇත.

    මේ වනවිට නව දිල්ලියෙන් වාර්ථා වූ නව සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 430,784ක් ලෙස ද, මරණ සංඛ්‍යාව 6912ක් ලෙස ද වාර්තා වේ.

    Latest News