නව දිල්ලි අගනුවර කොරෝනා වසංගතයේ උච්චතම අවස්ථාවට

නොවැ 10, 2020

    ඉන්දියාවේ නව දිල්ලි අගනුවර කොරොනා වසංගතය උච්චතම තත්ත්වයට පත් වෙයි.

    නව දිල්ලිය 3වන කොරොනා රැල්ලට හසුවී මෙතෙක් බරපතලම වසංගත තත්ත්වයට පත්ව ඇතැයි, ඉන්දීය සෞඛ්‍ය නිලධාරීන් පවසා ඇත.

    මෑතදී නව දිල්ලියේ කොරොනා ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩ ව වර්ධනය වෙමින් පවතී.

    පසුගිය 6 වැනි දින එම සංඛ්‍යාව 7000 ඉක්මවූ බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ සංඛ්‍යා ලේඛනවලින් හෙළිවේ.

    එය ඉන්දියාවේ කොරොනා ආසාදන වාර්තාවීම ආරම්භ වූ දා සිට මේ දක්වා දිනකදී වාර්තා වූ ඉහළම සංඛ්‍යාවයි.

    ඊයේ (08) නව දිල්ලියේ අලුතින් තහවුරු කරන ලද කොරොනා ආසාදිතයන් සංඛ්‍යාව 6953ක් වූ අතර, අලුතින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 78කි.

    මේ වනවිට නව දිල්ලියෙන් සමස්ත කොරොනා ආසාදිතයන් 430,784ක් ද මරණ 6912ක් ද වාර්තාවී තිබේ.

    Latest News