කුවෙට්හි හිටපු ආරක්ෂක ප්‍රධානියා ඔටුන්නට හිමිකම් කියයි

ඔක් 09, 2020

    කුවෙට්හි හිටපු ආරක්ෂක ප්‍රධානී ෂෙයික් මෙෂාල් අල් අහමද් එරට ඔටුන්න හිමි කුමරු ලෙස අද නම් කෙරුණා.

    අද පැවති පාර්ලිමේන්තු සැසි වාරයේ දී ඒකමතිකව මෙම තීරණය ගනු ලැබුවා.

    කුවෙටයේ හිටපු ඔටුන්න හිමි කුමරු වන ෂෙයික් සභා අල් අහමද් ගේ මරණයෙන් පසු එමීර්වරයෙකු ලෙස ෂෙයික් නවාෆ් අල් අහමද් කටයුතු කළා.

    ඒ සෞදි අරාබිය සහ ඉරානය අතර දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති පසුබිමකයි.

    එමීර්වරයාගේ රාජකාරී කටයුතු බහුලත්වය හේතුවෙන් නව පත්වීම සිදුකර ඇති බවයි, එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ.

    කුවෙටයේ පාර්ලිමේන්තු මැතිවරණය මේ වර්ෂයේ අවසානයේ දී පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

    Latest News