HIV ආසාදනය වී සුවය ලැබූ ලොව පළමු පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ

ඔක් 01, 2020

    HIV ආසාදනය වී සුවය ලැබූ ලොව පළමු පුද්ගලයා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී මිය ගොස් තිබේ.

    54 හැවිරිදි තිමති රේ බ්‍රවුන් 1996 වසරේදී HIV ආසාදිතයකු බව හඳුනාගෙන ගැණින.

    2007 වසරේදී ඇමෙරිකාවේ රෝහලකදී ඔහු සුවය ලැබීය.

    ඒ වෛද්‍යවරුන්ගේ දැඩි කැපවීම සමග සිදුකළ අඛණ්ඩ ප්‍රතිකාර හේතුවෙන්.

    ඔහු සුවය ලැබූයේ ලොව පුරා HIV ආසාදිතයින් හට සිය ජීවිතය පිලිබඳ බලාපොරොත්තුවක් එක්කරමින්.

    කෙසේ නමුත් පිළිකාවක් හේතුවෙන් ඔහු මියගිය බවයි, ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම් දී තිබෙන්නේ.

    Latest News