පච්ච කෙටූ ගුරුවරයාට පන්ති තහනමක්

සැප් 29, 2020

    ප්‍රංශයේ වැඩිම පච්ච කොටාගත් පුද්ගලයා හට කුඩා දරුවන්ට ඉගැන්වීමෙන් වළකින ලෙස බලධාරීන් දැනුම් දී තිබේ.

    ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක් වන අතර,ප්‍රාථමික විද්‍යාලයක ඉගැන්වීම් කටයුතු සිදු කරයි. සිල්වේන් හෙලේයින් නමැති මෙම පුද්ගලයා සිය ශරීරය පුරාම පච්ච කොටාගෙන සිටියි.

    35 හැවිරිදි මොහු සිය දිව සහ ඇස්වල ද පච්චා කොටගෙන සිටීම විශේෂත්වයක්.

    ඔහු ප්‍රංශයේ ප්‍රාථමික විද්‍යාලයක අවුරුදු 6 සහ ඊට වැඩි දරුවන්ට ඉගැන්වීම් කටයුතුවල නිරත වෙමින් සිටි අතර,එක් දරුවෙක් සිදුකළ පැමිණිල්ලකට අනූව බලධාරීන් ඔහුට පවසා ඇත්තේ කුඩා දරුවන්ට ඉගැන්වීමෙන් වළකින ලෙසයි.

    කෙසේ වෙතත්, දරුවන්ට ඉගැන්වීම සම්පූර්ණයෙන් තහනම් කර නොමැති අතර, වැඩිහිටි දරුවන්ට ඉගැන්වීමට අවසර ලබාදී තිබේ.

    Last modified on අඟහරුවාදා, 29 සැප්තැම්බර් 2020 12:48

    Latest News