උතුරු කැලිෆෝනියාවේ ලැව්ගිනි ව්‍යාප්ත වේ

සැප් 29, 2020

    උතුරු කැලිෆෝනියාවේ සැන්ටාරෝසා හි ලැව්ගිනි ව්‍යාප්තිය පාලනය කරගත නොහැකි මට්ටමින් සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

    ලැව්ගිනි හේතුවෙන් අක්කර එකලොස් දහසක භූමි ප්‍රදේශයක් මුළුමනින්ම විනාශ වී ගොස් ඇත.

    මාස කිහිපයක සිට ව්‍යාප්ත වන ලැව්ගිනි හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවකට දැඩි බපලෑම් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    සමස්ථයක් ලෙස අක්කර මිලියන 3.7 ක භූමි ප්‍රදේශයක් විනාශ වී ගොස් තිබෙනවා.

    නිවාස 7000 කට වැඩි සංඛ්‍යාවක් සහ එරට ප්‍රසිද්ධ ස්මාරක ගණනාවක්ද ගින්නට හසුවී ඇති බවයි, සඳහන් වන්නේ.

    ගින්න හේතුවෙන් මියගිය සංඛ්‍යාව 22 ක් දක්වා ඉහළගොස් ඇත.

    Latest News