ඊයේ දිනයේදී ලොව ඉහළම කෝවිඩ් ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වුණේ ඉන්දියාවෙන්.
එම සංඛ්‍යාව අනූ එක්දහස් එකසිය විස්සක්.
ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කෝවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව පනස් ලක්ෂ දහඅට දහස් තිස්හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගතවූ පැය 24 තුළ සිදුවූ නව මරණ එක්දහස් දෙසිය අසූතුනත් සමගින් එරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අසූදෙදහස ඉක්මවා ගිය බවයි වාර්තා වන්නේ.