'සැලි' අමෙරිකාවේ උතුරු දෙසට

සැප් 18, 2020

    අමෙරිකාවේ ගල්ෆ් වෙරළ තීරය ආසන්නව විශාල දේපළ හානියක් සිදු කළ සැලී සුළි කුණාටුව උතුරු දෙසට ගමන් කරමින් පවතින බව, වාර්තා වෙයි.

    අධික සුළං හා වර්ෂාව හේතුවෙන් ජෝර්ජියා සහ කැරොලිනා යන ප්‍රදේශවල තවමත් ගංවතුර තත්වයක් පවතියි. සුළං තත්වය හේතුවෙන් කඩා වැටීමේ හා ගොඩනැගිලි විනාශයට පත්වීමේ, සිදුවීම් රැසක් වාර්තා විය.

    ෆ්ලොරීඩා සහ ඇලබාමා යන ප්‍රාන්තවල ද දේපළ හානි රැසක් සිදුව තිබේ. මහා මාර්ග හා නිවාස ජලයෙන් යට වීම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණපා සිටියි. හදිසි කුණාටු තත්වය හේතුවෙන් ලක්ෂ ගණනාවක පිරිසකට විදුලිය ඇණහිටීම් සිදුව ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන්.

    Last modified on සිකුරාදා, 18 සැප්තැම්බර් 2020 09:34

    Latest News