චීන ජාතිකයින් 1000 කගේ වීසා අවලංගු කිරීමට අමෙරිකාව පියවර ගනී

සැප් 10, 2020

    ශිෂ්‍යන් ලෙස සහ ශ්‍රමිකයන් ලෙස සිය රටට ඇතුළු වීමට උත්සහ කළ චීන ජාතිකයින් 1000 කගේ වීසා අවලංගු කිරීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා.

    වීන ජාතිකයින් ඇමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බව පවසමින් ඇමෙරිකාව මෙම තීරණය ගෙන තිබෙනවා.

    තවද මෙම පිරිස් චීන රජය සහ ආරක්ෂක අංශ සමග සබඳතා පවත්වන බවයි, ඇමෙරිකාව චෝදනා කරන්නේ.

    විශේෂයෙන් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ දත්ත සොරකම් කිරීමේ අරමුණින් චීන ජාතිකයින් ඇමෙරිකාවට පැමිණෙන බවයි, අදහස වී ඇත්තේ.

     

    Latest News